ගමෙන් බිහිවූ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලීම සඳහා අවශ්‍ය කටයුතු නොපමාව ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ වෙනුවෙන් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ශාඛා සමිති පිහිටුවීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02 වැනිදා සිට ආරම්භ කළ බව ද ඔහු කියා සිටියේය. ගමෙන් බිහිවූ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගමේ දේශපාලනය බලගැන්විය හැකි බවත් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගම් මට්ටමින් ශාඛා සමිති ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.වර්තමාන ආණ්ඩුවේ ප්රතිලාභයන් සෑම ජන කොටසකටම රැගෙන යාමට අවශ්‍ය ග්‍රාමීය නායකත්වය මේ තුළින්න් බිහිකරවීමට තම පක්ෂයක් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙමින් පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ජනගත කිරීමට බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.