“ගරු නම්බු පිටින් අයින් වෙන්න”ස්වාධීන මන්ත්‍රී වරු අගමැතිට කියති

2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය හමුවේ ජනාධිපතිධූරයෙන් ඉවත් වූවා සේ වර්තමාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත ලෙස ඉවත් විය යුතු බව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සඳහන් කරති. ඒ අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපත කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමන් බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් විශ්වාසභංගයක් හරහා ඔහු ඉවත් කිරීමට එල්ල වන මහජන විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද සිදුවනු ඇති බවත් එමඟින් අගමැති වරයාගේ ගෞරවයට විශාල කැළලක් විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

කාලීන පුවත්