අද(!7) සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා වායු සමනය කළ පලමු පන්තියේ මැදිරි සහිත සුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. අද සිට සෑම සිකුරාදා දිනකම රාත්රි 10.00 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන එම දුම්රිය රාත්රි 10.30 ට කොළඹ කොටුවට ළඟා වීමටත් සෙනසුරාදා පෙරවරු 6.00 ට කන්කසන්තුරේට ළගාවීමට නියමිතයි. එම දුම්රිය යළි ඉරිදා රාත්රි 10.00 ට කන්කසන්තුරෙන් පිටත්වී සඳුදා පෙරවරු 6.00 ට ගල්කිස්සට ළගාවනු ඇත. එම දුම්රියේ වරකට මගීන් 520 දෙනෙකුට ගමන් කළ හැකිය. එක් ගමන් වාරයක් සදහා ගාස්තුව රුපියල් 2800 කි.ප්රවේශ පත්ර කලින් වෙන් කර ගත යුතුවෙයි.