ගල්ගමුවේ දී දුම්රියට වන අලි සිව් දෙනෙක් බිලි

ඊයේ(27) රාත්‍රී කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මී ඔය පාලම සහ ගල්ගමුව අතර අයි.ඕ .සී ඉන්ධන පිරවුම් හල ආසන්නයේ දී වන අලි සිව් දෙනෙක් මිය ගොස් තිබේ.රාත්‍රී 11.40ට පමණ සිදු වූ එම අනතුරත් සමඟ සමඟ දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හට ගත් අතර පසුව එය යථා තත්වයට පත් කර ඇති බව සඳහන් ය.කෙසේ වෙතත් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් සිදු වී නැත.මෙම ස්ථානය දුම්රිය මාර්ගය හරහා වන අලින් මාරු වන අලි මංකඩක් බවත් මින් පෙර ද මෙහි දී වරින් වර වන අලින් දුම් රියට බිලි වී ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

කාලීන පුවත්