“ගල් අරක්කු” මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය සහ භාවිතය අවම කිරීම පිණිස ගල් අරක්කු ලෙසින් ව්‍යවහාරයේ පවතින අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.එහිදී අති විශේෂ අරක්කු කාලේ බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස ඉල්ලීමක් ඇති බවත් වාර්තා වන අතර මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මත්පැන් නිෂ්පාදකයන් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී ය..නමුත් මත්පැන් නිෂ්පාදකයන් ඊට එකඟතාවක් දක්වා නොමැති අතර සුරාබදු හා මත්පැන් නිෂ්පාදන වලට රජය මඟින් පනවා ඇති බදු ඉහළ නිසා එලෙස මිල අඩු කිරීමට නොහැකි බව ඔවුන් පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.නමුදු මත් පැන් මිල අධික ලෙස ඉහළ නැඟී ඇති පසුබිමක නීති විරෝධී මත් පැන් රට පුරා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවක් මේ වන විට වාර්තා වී තිබේ.

කාලීන පුවත්