අයි.එම්.එෆ් පැවසූ අන්දමට ආණ්ඩුව ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර ඇති මුත් මේ රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බවත් අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැති බවත් අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආණ්ඩුව එක ගල් අරක්කු බෝතලේකින් රුපියල් 2000 ක ලාභයක් ලබන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය වරයා වතුකරයේ කසිප්පු පෙරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ද අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැතැයිද කීය