ගව ඝාතනය තහනම් කිරීමට සැරසෙයි.

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අදාළ අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත්, පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණි. ඒ අනුව දැනට ගව ඝාතනයට ඉඩ ලබා දී ඇති පනත් සහ ආඥා පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කර ඇති බව සඳහන් ය..

කාලීන පුවත්