ගායන ශිල්පී සමන් ද සිල්වා සදහටම සමු ගනී

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.තමන් හටම ආවේණික ශෛලියකින් ගී ගයමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.1975 වසරේදී පමණ ගායන දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.ඒ මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්