ගාල්ල අවට වෙරළට මුහුදු සුළඟින් බලපෑම්

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදු සුළං සමඟ ගොඩ බිමට ගලා එන මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍ර මාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට එක් රොක් වීම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.ඊයේ (15දා) රාත්‍රියේ සිට මුහුදු රළ එම ප්‍රදේශවලින් ගොඩබිමට ගලා විත් තිබුණු අතර රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය ගල් කැබලි මහා මාර්ගයට පැමිණ තිබෙනු දක්නා ලදී.මෙලෙස මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම හේතුවෙන් දෙවට වැල්ල හා කඩේවැල්ල ගාල්ල ජාකොටුවැල්ල ධීවර තොටුපළවල්වල නතරකොට තිබු බෝට්ටු වලටද හානි වී ඇති බැව් වාර්තා වෙයි.

කාලීන පුවත්