ගාලුමුවදොර ප්‍රහාරකයන් වළකා නොගත්තේ “ඉහළින්” ආ ඇමතුමක් නිසයි

ගාලුමුවදොර ප්‍රහාරකයන් වළකා නොගත්තේ “ඉහළින්” ආ ඇමතුමක් නිසයි පසුගිය 09 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත් වූ කලහකාරී පිරිස් ප්‍රහාරයක් එල්ල කිරීමට ගාලුමුවදොර ගෝටාගෝගමට ඇතුළුවීම වැළැක්වීම පිණිස ගෝල්ෆේස් වටරවුමේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් රඳවා තිබූ බවත් අවශ්‍ය වුවහොත් ක්‍රියාත්මක වීම සඳහා කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද සූදානම් කොට තිබූ බවත් අන්තිම මෙහොතේ ඉහළින් ලැබුණු දුරකතන ඇමැතුමකට අනුව කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට සිදු වූ බවත් කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද්‍රකුමාර මහතා පවසා තිබේ.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමිනි.

කාලීන පුවත්