ගාලු මුවදොරට ජන ගඟක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව මේ වන විට ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝ ගම” අරගල භුමියට දිවයිනේ ප්‍රදේශ රැසකින් අති විශාල ජනතාවක් රොක් වෙමින් සිටිති.මේ අතර දුම් රිය හා ලංගම බස් රථ ධාවනය ද මේ වන විට ඇරඹී ඇති බැවින් පිට පළාත් වලින් පැමිණෙන අති විශාල ජනකායක් ද කොළඹට ළඟා වෙමින් සිටිති.මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් වාහන වලින් පැමිණිමට නොහැකි පිරිස් කණ්ඩායම් වශයෙන් පාගමනින් ද ගෝල්ෆේස් අරගල භූමියට පැමිණෙමින් සිටින බවද වාර්තා වෙයි.

කාලීන පුවත්