ගාලු මුවදොර අරගලය දැන් නිර්පාක්ෂික නැහැ

ගාලුමුවදොර පැවැත්වෙන අරගලය දැන් නිර්පාක්ෂික වුවක් නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගම් වලට අයත් කොටස් වැඩි වශයෙන් එම ස්ථානය අත්පත් කරගෙන සිටින බවත් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිස් ද එම ස්ථාන අයිති කර ගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදී සිටින බවත් ප්‍රකාශ කරන මහාචාර්ය වරයා මෙම අරගල භූමිය භුමිය ප්‍රතිවාදියාට අභියෝග කරන ස්ථානයක් නොවී ප්‍රජාතන්ත්‍රවාදි සාකච්ඡා නිර්මාණය විය යුතු භුමියක් බවට පත්විය යුතු බව පෙන්වා දෙයි.මේ අතර පසුගිය 09 වනදා අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය මුල් කොට අරගල කරුවන්ට යම් උපකාරයක් කළ හැකි ද යන්න විමසා බැලීමට එහි ගිය විපක්ෂ නායක වරයාට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කළ අරගල කරුවන් තවත් දේශපාලන නියෝජිතයන් හා අරගල භූමිය තුළ සුහදශීලී ලෙසින් කටයුතු කිරීම තුළින් ගාලු මුවදොර අරගලයේ නිර්පාක්ෂික භාවය සම්බන්ධයෙන් ගැටලු මතු වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියයි.එමෙන්ම මෙම අරගලයේ ආරම්භක අවදියේ නායකත්වයක් නොමැති අරගල වලට එක් වීම අනතුරු දායක බව පැවසූ සහ පසුව දේශපාලන අර්බුදයකට විසඳුම් සෙවීමට නිර්පාක්ෂික අරගල කිරීම නිරර්ථක ක්‍රියාවක් බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ ද මේ වන විට එම අරගලයේ කොටස් කරුවන් වීම මත මේ වන විට ගාලු මුවදොර අරගලය බහු පාක්ෂික අරගලයක් බවට පත් ව ඇතැයි සිවිල් සමාජ මතයක් ගොඩ නැඟී තිබේ.

කාලීන පුවත්