ගාලු මුවදොර පහර දීම ගැන තීතිඥ සංගම් විරෝධය

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබූ බවකි.එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිපදෙනකු ද බලධාරින් විසින් වළකා ඇති බව කියන නීතිඥ සංගමය තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට ද හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට දන්වා ඇතැයි ද නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වෙන බව ද අදාළ නිවේදනය මඟින් කියා සිටියි.

කාලීන පුවත්