ගාලු මුවදොර පිටියේ ජනතා විරෝධතාව සිදු කෙරෙන ස්ථාන ආශ්‍රිතව මත් ද්‍රව්‍ය සඟවා එම විරෝධතාව මෙහෙයවන තරුණයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන රජයට එරෙහි ජනතා විරෝධය කඩකප්පල් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සැලසුම් කොට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ(15) අනාවරණය කළාය.ඇය ප්‍රකාශ කරනුයේ රාජපක්ෂලාගේ සිත් දිනා ගැනීම තුළින් පොලිස් පති කමට කෙළ හලන කොළඹ දිසාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙය සැලසුම් කොට ඇති බවකි.එබැවින් මේ තත්වය කල් ඇතිව දැන ගෙන එම විරෝධතාවය ආරක්ෂිත ලෙස සංවිධානය කර ගන්නා ලෙස ද ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.