සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අද(09) දින වත්මන් රජයට එරෙහි සංවිධානය කරන ලද ජනතා විරෝධතාවට සහභාගී වීම සඳහා මේ වන විශාල පිරිස් අගනුවර වෙත ඇදෙමින් සිසින බව වාර්තා වෙයි.මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය සහ ඒ අවට ජනතාවගෙන් පිරෙමින් පවතින අතර ඔවුන් ගෙන් වැඩි පිරිස තරුණියන් බව ද පැවසෙයි.මෙම තත්වය සම්බන්ධයෙන් එහි සිටින මාධ්‍යවේදීන් ප්‍රකාශ කරනුයේ කිනම් කරුණක් මත හෝ මෙතෙක් අගනුවරට රැස් වන වැඩිම තරුණ පිරිස බොහෝ විට අද සන්ධ්‍යා භාගය වන විට වාර්තා විය හැකි බවකි.එමෙන්ම එම පිරිස අතරේ වියපත් වූවන් සහ ආබාධිත වූවන් ද දක්නට ලැබෙන අතර ඔවුනට එහි රැස් ව සිටින තරුණ ප්‍රජාව විශේෂ සත්කාර දක්වනු පෙනෙන්නට ඇතැයි ද වාර්තා වෙයි.