2023 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 3 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය වාර්තා නිරීක්ෂණයේ දී සඳහන් වේ.
2023 ජූනි 30 න් අවසන් කාර්තුවේ දී මණ්ඩලය විසින් රු. බිලියන 20.65 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ පසුබිමක මෙලෙස පසුගිය කාර්තුව අලාභ ලැබීම විශේෂත්වයකි.
විදුලිබල මණ්ඩලය විසින් පිරිවැය ප්රතිබිම්බක විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී ඇති පසුබිමක පවා පසුගිය කාර්තුව මෙලෙස අලාභදායීත්වයක් වාර්තා කිරීම විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් වේ.