ගාසා තීරයේ සටන් විරාමයක්

වසරකුත් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇති ගාසා යුද්ධය අවසන් වන ලකුණු මේ වනවිට පහළ වී තිබේ.ඒ, මෙම යුද්ධයට පැටලී සිටින පාර්ශ්ව දෙක වන ඊශ‍්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇති වීමත් සමග ය.

මෙම සටන් විරාම ගිවිසුම ඇති කර ගැනීම සඳහා පසුගිය දිනවල කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයේ සාකච්ඡුා පැවැත්වුණු අතර ඉහත කී එකඟතාව ඇති වී තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. කටාර් රාජ්‍යය සහ ඇමරිකාව මෙම සාකච්ඡුාවල දී මැදිහත්කරුවන් ලෙස කටයුතු කළහ.

ඊශ‍්‍රායල-හමාස් යුද්ධය නිසා වඩාත්ම දුක් ගැහැටවලට මුහුණ දුන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් ය. සංඛ්‍යාලේඛනවලින් දැක්වෙන ආකාරයට පසුගිය මාස 15 කට ආසන්න කාලය තුළ එම කලාපයේ 47,000 කට කිට්ටු සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ. මේ අතරින් අති බහුතරයක් කාන්තාවන් සහ ළමුන් වීම ඉතා අවසනාවන්ත තත්වයකි. 106.000 ක් පමණ තුවාල ලබා ඇති බව ද සඳහන් වේ. එමෙන්ම මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී සිටිති.

ඊශ‍්‍රායල-හමාස් යුද්ධය නිසා වඩාත්ම දුක් ගැහැටවලට මුහුණ දුන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් ය. සංඛ්‍යාලේඛනවලින් දැක්වෙන ආකාරයට පසුගිය මාස 15 කට ආසන්න කාලය තුළ එම කලාපයේ 47,000 කට කිට්ටු සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ. මේ අතරින් අති බහුතරයක් කාන්තාවන් සහ ළමුන් වීම ඉතා අවසනාවන්ත තත්වයකි. 106.000 ක් පමණ තුවාල ලබා ඇති බව ද සඳහන් වේ. එමෙන්ම මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී සිටිති.

මෙම යුද ගැටුම ආරම්භ වූයේ 2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් සටන්කරුවන් ඊශ‍්‍රායලයට ඇතුල් වී ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමග ය. එම අවස්ථාවේ ඔවුහු ඊශ‍්‍රායල වැසියන් සහ හමුදා භටයන් 250 ක් පමණ ප‍්‍රාණ ඇපයට ගෙන ගාසා තීරය වෙත රැගෙන ගියහ. මෙයින් පසු ඊශ‍්‍රායල හමුදා ද ගාසා තීරය වෙත ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. එයින් හමාස් සංවිධානයට පමණක් නොව සිවිල් වැසියන්ට ද දේපළවලට ද දැඩි හානි සිදු විය.

ඊශ‍්‍රායලය සහ හමාස් සංවිධානය මේ වනවිට එකඟ වී ඇති සටන් විරාමය අදියර තුනක් ඔස්සේ කි‍්‍රයාත්මක වන්නක් බව සඳහන් වේ. නමුත් එ් ගැන තවමත් සවිස්තරාත්මක අවසන් වාර්තාවක් ප‍්‍රකාශයට පත්ව නැත. එසේ වුවත් එහි ඇතුළත් යම් යම් කාරණා ගැන කටාර් සහ ඇමරිකානු පාර්ශ්ව මාධ්‍ය වෙත හෙලි කර තිබේ.

ඔවුන් සඳහන් කරන ආකාරයට සටන් විරාමයේ පළමු අදියර සති හයක කාලයක් කි‍්‍රයාත්මක වන්නකි. එහි දී ප‍්‍රහාර එල්ල කිරීම් නතර කෙරෙනු ඇති අතර හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප‍්‍රාණ ඇපකරුවන් යම් පිරිසක් නිදහස් කරනු ඇත. හමාස් සංවිධානය අල්ලාගෙන ගිය ප‍්‍රාණ ඇපකරුවන් 250 දෙනාගෙන් 105 දෙනෙකු 2023 නොවැම්බරයේ නිදහස් කරනු ලැබිණි. මේ අතර යුද්ධය නිසා තවත් යම් පිරිසක් මේ වනවිට මරණයට පත්ව තිබේ. එ් නිසා දැනට ජීවතුන් අතර සිටින ප‍්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව ගැන නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ නමුත් සටන් විරාමයේ පළමු අදියරේ දී ප‍්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ඇති බව සඳහන් වේ. කාන්තාවන්, ළමුන් සහ වියපත් පුද්ගලයන් මෙම පිරිසට අයත් වනු ඇත.

මේ වනවිට ඊශ‍්‍රායලයේ සිරගෙවල්වල ද පලස්තීන සිරකරුවෝ විශාල පිරිසක් සිටිති. ඔවුන් සිරගත කර සිටින්නේ මිනීමැරීම සහ ත‍්‍රස්ත කි‍්‍රයා වැනි අපරාධ පිලිබඳ චෝදනා මත ය. මේ අතරින් යම් පිරිසක් ද සටන් විරාමයේ පළමු අදියර තුළ නිදහස් කිරීමට නියමිත ය.

මෙම අදියරේ දී සිදුවීමට නියමිත වැදගත් කටයුත්තක් වනුයේ මේ වනවිට ගාසා තීරය තුළ අවතැන්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට නැවත සිය ප‍්‍රදේශ වෙත පැමිණීමට ඉඩ ලැබීම යි. මෙය එම ජනතාවට විශාල අස්වැසිල්ලක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අතර ගාසා තීරයේ රැඳී සිටින ඊශ‍්‍රායල හමුදා සෙබළුන් එහි ජනාකීර්ණ නගරවලින් ඉවත්ව වෙනත් ප‍්‍රදේශ වෙත ගමන් කරනු ඇත.

මෙම අදියර තුළ සිදු වන තවත් කටයුත්තක් වනු ඇත්තේ ගාසා තීරයෙහි මානුෂීය ආධාර බෙදාහැරීමේ කි‍්‍රයාවලිය වඩාත් ක‍්‍රමවත් වීම යි. මෙම ආධාර වැඩි වැඩියෙන් මෙම කලාපය වෙත ළඟා වීමට නියමිත ය.

මේ ආකාරයෙන් සටන් විරාමයේ පළමු අදියර ආරම්භ වී දින 16 කට පසු දෙවැනි අදියර සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡුා ආරම්භ වීමට නියමිත බව සඳහන් වේ. මෙම අදියරේ දී ඉතිරි ප‍්‍රාණ ඇපකරුවන් ද නිදහස් කෙරෙනු ඇති අතර පලස්තීන සිරකරුවන් පිරිසක් ද නිදහස් කෙරෙනු ඇත. ඊශ‍්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත් වීමක් මෙම දෙවැනි අදියරේ දී සිදුවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ.

ඊශ‍්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව දැන ගැනීමත් සමග වඩාත් සතුටට පත් වූ පාර්ශ්ව වී තිබුණේ ගාසා තීරයේ ජනතාව, ප‍්‍රාණ ඇපකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය යි. ගාසා හි සිවිල් වැසියන් පී‍්‍රති ඝෝෂා නගමින් සතුට සමරන ආකාරය දැක්වෙන ඡුායාරූප සහ විඩියෝ ආදිය මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි.

සටන් විරාමයේ තුන් වැනි අදියර ප‍්‍රධාන වශයෙන්ම වෙන් වනු ඇත්තේ මේ වනවිට සහමුලින්ම වාගේ විනාශ වී ඇති ගාසා තීරය නැවත ගොඩ නැගීමේ කටයුතු සඳහා ය. මෙය ඉතා දීර්ඝ කාලයක් ගතවන කි‍්‍රයාවලියක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊශ‍්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව දැන ගැනීමත් සමග වඩාත් සතුටට පත් වූ පාර්ශ්ව වී තිබුණේ ගාසා තීරයේ ජනතාව, ප‍්‍රාණ ඇපකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය යි. ගාසා හි සිවිල් වැසියන් පී‍්‍රති ඝෝෂා නගමින් සතුට සමරන ආකාරය දැක්වෙන ඡුායාරූප සහ විඩියෝ ආදිය මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි.

සටන් විරාම ගිවිසුම කි‍්‍රයාත්මක වීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා සිට බව ද සඳහන් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර