වසරකුත් මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති ගාසා යුද්ධය අවසන් වීමට යනවාද යන කුතුහලයක් මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ මතු වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද මේ ගැන විශාල උනන්දුවක් ඇති වී තිබේ. එවැනි තත්වයක් ඇති වීමට හේතු වී තිබෙන්නේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා මේ දිනවල සිදු කරමින් ඇති සාකච්ඡුාවක් බොහෝ දුරට සාර්ථක වී ඇති බවක් පැවසෙන නිසා ය. ඇමරිකාව, ඊජිප්තුව, කටාර් වැනි පාර්ශ්වවල මැදිහත් වීමෙන් මෙම සාකච්ඡුා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයේ යි.
මෙයට පෙර ද සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා කිහිප වරක්ම සාකච්ඡුා ඇති විය. නමුත් එ් කිසිදු සාකච්ඡුාවකින් සාර්ථක ප‍්‍රතිඵල අත් වූයේ නැත. මෙවර සාකච්ඡුා වටය එ් සෑම සාකච්ඡුාවකටම වඩා හොඳින් සිදුවන බවක් මෙයට සම්බන්ධ පාර්ශ්ව පවසා තිබෙනු දැකගන්නට ලැබේ. සාකච්ඡුාවලින් සියයට 90 ක් පමණ අවසන් බව ද පලස්තීන නිලධාරියකු මාධ්‍ය සමග පවසා තිබිණි.
හමාස් සංවිධානය මෙවර සටන් විරාමයකට එකඟ වීමට යන්නේ ඔවුන් යුද්ධය තුළ පෙරට වඩා හුදෙකලා වී සිටින නිසා බවට අදහස් පළ වේ. එමෙන්ම ඊශ‍්‍රායලය ද මේ වනවිට ඔවුන් ගේ අරමුණු බොහොමයක් ඉටු කරගෙන සිටින නිසා සටන් විරාමයක් ඇති කර ගැනීම ඔවුන්ට ද ප‍්‍රශ්නයක් නොවන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස යි.
ලබන ජනවාරි 20 වැනි දින ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද මෙයට ටික දිනකට පෙර මෙම යුද්ධය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කර තිබිණි. ඔහු පවසා තිබුණේ තමා දිවුරුම් දීමට පෙර යම් එකඟතාවක් ඇති කරගන්නා ලෙස ය. එසේ නොවුණහොත් බරපතල ප‍්‍රශ්න ඇති විය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබිණි. ට‍්‍රම්ප් ගේ මෙම ප‍්‍රකාශය ද මෙවර සටන් විරාම සාකච්ඡුා හොඳින් සිදුවීමට හේතුවක් වී ඇති බවක් විශ්වාස කෙරේ.
දෝහා නුවර දී සාකච්ඡුාවට ලක්වන ගිවිසුම මෙයට මාස කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් යෝජනා කර තිබූ ගිවිසුමකට සමාන එකක් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය අදියර තුනක් ඔස්සේ කි‍්‍රයාවට නැගීමට යෝජිත ගිවිසුමකි.
මෙම යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනි දින හමාස් සටන්කරුවන් ඊශ‍්‍රායලයට කඩා වැදී ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. එහි දී ඔවුහු ඊශ‍්‍රායල වැසියන් 250 දෙනකු පමණ ප‍්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරය වෙත රැගෙන ගියහ. මෙම ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම ද ඉහත සටන් විරාම ගිවිසුමේ වැදගත් අරමුණකි.
සති හයක පළමු අදියරේ දී හමාස් සංවිධානය සමහර ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට යෝජිත ය. මෙහි දී ප‍්‍රධාන වශයෙන්ම නිදහස් කරනු ඇත්තේ කාන්තාවන්, වියපත් පුද්ගලයන්, රෝගීන් සහ තුවාල ලබා සිටින පුද්ගලයන් ය. එයට හිලව්වට ඊශ‍්‍රායලය ද එරට රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් යම් සංඛ්‍යාවක් නිදහස් කරනු ඇත. ගාසා තීරයේ ඇතැම් ජනාකීර්ණ නාගරික ප‍්‍රදේශවලින් ඊශ‍්‍ර‍්‍රායල හමුදා ඉවත් විය යුතු යයි ද මෙහි දී යෝජනා කර තිබේ.
අනතුරුව සටන් විරාමයේ දෙවැනි අදියරේ දී සෙසු ප‍්‍රාණ ඇපකරුවන් ද නිදහස් කළ යුතුය. හමාස් සංවිධානය ප‍්‍රාණ ඇපකරුවන් ලෙස 250 දෙනෙකු පමණ අල්ලාගෙන ගියත් එ් අතරින් සියයක් පමණ මෙයට කලකට පෙර නිදහස් කෙරිණි. තවත් පිරිසක් යුද ගැටුම් නිසා මරණයට පත් විය. මේ වනවිට ජීවතුන් අතර සිටින්නේ 62 දෙනෙකු පමණ යයි විශ්වාස කෙරේ.
හමාස් සංවිධානය ප‍්‍රාණ ඇපකරුවන් සියලූ දෙනා නිදහස් කිරීමෙන් පසු ඊශ‍්‍රායල හමුදා ද සම්පූර්ණයෙන් ගාසා තීරයෙන් ඉවත් විය යුතු බව යෝජනා කර තිබේ. එයින් අනතුරුව සම්පූර්ණයෙන් යුද්ධය අවසන් කිරීමක් සිදු වන්නේ තුන්වැනි අදියරේදී යි.
තත්වය මෙසේ තිබිය දී කාගේත් අවධානයට ලක්වන කාරණයක් වන්නේ යම් විදියකින් යුද්ධය අවසන් වුවහොත් එයින් පසු ගාසා තීරය පාලනය කරනු ඇත්තේ කව්රුන් ද යන්න යි. මේ සම්බන්ධයෙන් ද දෝහා සාකච්ඡුාවල දී අවධානය යොමු වන බව සඳහන් වේ.
යුද්ධය ආරම්භ වීමට පෙර මෙම කලාපය පාලනය කරන ලද්දේ හමාස් සංවිධානය විසිනි. ඔවුන් එහි පාලනය සියතට ගත්තේ 2007 වසරේ යි. නමුත් යුද්ධය අවසන් වුවහොත් එයින් පසු එම සංවිධානයට ගාසා තීරය පාලනය කිරීමට ඉඩ නොදෙන බව ඊශ‍්‍රායලය නිතර පවසන කතාවකි. හමාස් සංවිධානයෙන් නැවතත් තම රටට තර්ජනයක් එල්ල වීමට ඊශ‍්‍රායලය කිසිසේත් ඉඩ නොදෙනු ඇත.
මෙම තත්වය තුළ දැන ගන්නට ඇත්තේ යුද්ධයෙන් පසු විද්වතුන්ගෙන්, වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් යම් කාලයක් ගාසා තීරයේ කටයුතු අධීක්‍ෂණය කිරීමට ඉඩ ඇති බවයි. එයින් පසු නැවත මැතිවරණයක් පැවැත්වෙනු ඇත් ද යන්න ගැන තවමත් සඳහන් නොවේ.
මාස 14 ක කාලයක් තිස්සේ ඇදී යමින් ඇති ගාසා යුද්ධය නිසා මේ වනවිට දස දහස් ගණනක් සිවිල් වැසියෝ මරණයට පත්ව සිටිති. ගාසා තීරයේ මිය ගොස් ඇති ගණන 46,000 කට ආසන්න බව සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ අතරින් වැඩි දෙනා කාන්තාවන් සහ ළමුන් බව යි. තුවාල ලබා ඇති ගණන ලක්‍ෂයකට වැඩි ය. යම් හෙයකින් සටන් විරාම සාකච්ඡුා සාර්ථක වුවහොත් එය ගාසා වැසියන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නිහාල් පීරිස්