ආදරවන්තයන්ගේ දිනයට සිය නිවෙස්වලින් පිටතට යන ගැහැනු ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් දැන්වීමක් යනුවෙන් විශේෂ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.
එලෙස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඔබ ගැහැනු ළමයෙක් නම්, ආදරවන්තයන්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර, ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න’ යනුවෙන්ය.
කාන්තාවන්ට වන ඕනෑම හිංසනයකදී 109 දුරකතන අංකයට ඇමතුමක් දෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.