ගෑස් තොගයක් ගොඩ බායි

මේ වන විට මෙරටට පැමිණි ගෑස් තොගයකට ගෙවීම් සිදු කළ බවත් එම ගෑස් තොගය ඉක්මනින් ගොඩබාන බවත්, තව දින තුනකින් පමණ බෙදා හැරීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඖෂධ ආහාර සහ පොහොර ගැනීමට ද ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සහයෝගය දීමට එකඟ වී ඇති නමුත් ඉදිරි සතිය සඳහා ඉන්ධන ගැනීමට ප්‍රමාණවත් ඩොලර් නැති බැවින් ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්