දිවයිනට ළඟා වූ ගෘහස්ථ ගෑස් රැගත් නෞකා දෙකක් මේ වන විට උස්වැටකෙයියාව ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති අතර එක් නැවකින් ගෑස් ගොඩබෑමට මේ වන විට අනුමැතිය ලැබී ඇතැයි ලිට්රෝ සමාගම පවසයි. රටට ආනයනය කරන ගෑස් වල ප්රමිතිය පිළිබඳ පරීක්ෂා කරනුයේ ප්රමිති ආයතනය විසිනි. පසුගිය දිනවල දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ලද ගෑස් සිලින්ඩර ප්රමාණය 70 දහසත් 80 දහසත් අතර වූ අතර දැන් එය ලක්ෂය දක්වා වැඩි කර තිබේ. ඒ අනුව දැනට වෙළඳපොලේ පවතින ගෑස් අර්බුදය ඉදිරි දිනවලදී පහව යනු ඇති බවට ලිට්රෝ සමාගම විශ්වාසය පළ කරයි.