ගත වූ ජූලි මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර වශයෙන් බෙදාහැරීමෙන් මේ වන විට ගෑස් පෝලිම් අවසන් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසනුයේ මේ වන විට දිනකට සිලින්ඩර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බවකි. මේ වන විට කොළඹ නගරය තුළ පවත්නා ගෑස් ඉල්ලුම සපුරාලමින් සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කොට ඇති අතර දිවයින පුරා ගෑස් බෙදා හැරීම මේ වන විට අරඹා ඇතැයි ද වී. කේතේෂ්වරම් මහතා කියයි.