ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,740 ක් රැගත් දෙවන නෞකාව අද(11) මෙරටට ළඟා වීමට නියමිත අතර ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,700 ක් රැගත් පළමු නෞකාව ඊයේ කෙරවළපිටිය ගෑස් බෝයාවට රැගෙන ඒමෙන් පසු ගොඩබෑම ආරම්භ කොට ඇත. මේ අතර ගෑස් මෙටි‍්‍රන් ටොන් 3,200 ක් රැගත් තුන් වන නෞකාව ද ජූලි 15 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බවත් ඒ අනුව හෙට සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සහ ක‍්‍රමානුකූලව සිදු කළ හැකි බවත් ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම සඳහන් කරයි.