අද(09) පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට උදෑසන කාලයෙත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම තද වැසි සමග ප්‍රබල අකුණු සැර ද ඇති විය හැකි බැවින් ඒ සඳහා වන ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.