ඇල්ල වනජීවී රක්ෂිත කලාපයට අයත් ඇල්ල රොක් කඳු වැටියේ දහතුන් වැනිදා පසරුවේ ඇතිවූ ගින්න නිවා දැමීමට හෙලිකොප්ටර් යානා යොදා යොදා ගැනීම වියදම් අධික බවත්, එමෙන්ම එය අසාර්ථක බව ගිය වසරේ අත්දැකීම් වලින් තහවුරුව ඇති නිසා මෙවර හෙලිකොප්ටර් යොදා නොගත් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අදහස් දක්වයි. සම්පූර්ණ ඉන්ධන පුරවා ගත් ගත් හෙලිකොප්ටර් යානයකින් ගින්නට හෙළිය හැක්කේ වතුර බකට් දෙකක් පමණක් බව ඔහු පවසයි.ඉදිරියේදී මෙවන් ගිනි තැබීම් වලක්වා ගැනීමට ජාතික ජන බලවේග කොට්ඨාශ සභාවලට වගකීම පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි . මේ වන විට ගින්නෙන් අක්කර 600කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී ඇති අතර එම තත්ත්වය නිසා කඳු මුදුන් ආශ්‍රිත ගල්පර්වත පහළට පෙරලීමේ අවදානමක් ද ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙය ඇල්ල වනජීවී රක්ෂිත කලාපය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයට මරු පහරක් බව ය.