ගිය වසරේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේ සියයට 5 කින් ප්‍රසාරණය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එය 2017 වසරෙන් පසු ඉහළම වර්ධනය බවයි ඒ මහතා කියා සිටියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වසර සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹදී එළිදක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

2025 සහ ඉන් ඔබ්බට ලෙසයි ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ. මේ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක 2024 අවසාන කාර්තුවේ දී ද නිෂ්පාදනයේ ප්‍රසාරණය අඛණ්ඩව පිළිබිඹු කරන බවයි.

අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2024 දී සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇතැයි අපි පුරෝකථනය කරනවා. එය 2017 සිට ඉහළම වාර්ෂික වර්ධනය වාර්තා කරනවා. අපේක්ෂා කරපු ප්‍රමාණයට වඩා මෙය ඉහළ වර්ධනයක්. මෑත මාසවල අවධමනය ආදී සාධක නිසා නෙවෙයි ප්‍රධාන වශයෙන් පරිපාලන මිල ගැලපීම් ඇතුළු සැපයුම් පැත්තේ සාධක නිසා මෙය ඇති වූ බවට විශ්වාස කෙරෙන්නේ.

කාලීන පුවත්