ගිලෙන නැවකට නඟින්න තමන්ට පිස්සුවක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේදී ය . වත්මන් රජයේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවා එකඟ වී ඇති බවට පැතිර යන ආරංචි වල සත්‍යතාවයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් එසේ පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා අප රටේ ඩොලර් සංචිත ජනවාරි වන විට අවසන් වෙන තැනකට පැමිණ ඇතැයි ද එවිට අපේ රට ජාත්‍යන්තරයෙන් ඉවත් වූ අතිශය නොදියුණු රාජ්‍යයක් බවට පත් වීම කිසිවකුටත් වැලැක්විය නොහැකි බව ද එහි දී පවසා තිබේ.