ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ දේශපාලන න්‍යායයන් සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ ප්‍රකාශයක් කොට ඇති බැවින් එහි සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද(24) රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී පියවර ගෙන ඇත.වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ මහතා ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.කොල්ලුරේ මහතාගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය විපක්ෂයේ වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ද ලක්විය.කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි ද වාර්තා වෙයි.