ගුරු විදුහල්පති සටන දිගට

අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.ඔවුන් වැඩිදුරටත් පවසනුයේ වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුවේ ඇස් බැන්දුම්,කෙනෙහිලි කම් හමුවේ නිහඬ ව සිටි තමන් මේ වන විට ඒ සියල්ල වටහාගෙන හිඳින බැවින් තව දුරටත් ඒ මුලාවේ නොවැටෙන බවය.සෙසු රාජ්‍ය සේවකයන් හමුවේ ගුරුවරයා යනු පහසුවෙන් රවටා දමනය කළ හැකි කොට්ඨාශයක් ලෙස ආණ්ඩුව තුළ පවතින වැරදි මතය දුරු කළ යුතු බව ද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ක්‍රියාකාරීහු කියති

කාලීන පුවත්