ගුවන් අනතුරක වගකීම නියමුවන් පිට පැටවීම ආවාට ගියාට කළ හැකි ද?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, නියමුවන් පුහුණු කිරීමේ ප්‍රහාරක ජෙට් යානයක් පසුගිය දා වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු අවස්ථාවේ දී ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසා සිටියේ එයට හේතුව ගුවන් නියමුවන්ගේ වරදක් මිස යානයේ කිසිදු යාන්ත්‍රික දෝෂයක් නිසා නොවන බවය. මේ ප්‍රකාශයත් සමග පාර්ශ්ව ගණනාවක්ම ඒ සම්බන්ධව අදහස් දක්වමින් පවසා සිටියේ එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමට සිවිල් ගුවන් අමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැති බවත්, එවැන්නක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ හැක්කේ නිසි විමර්ශනයකින් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයට පමණක් බවය. කෙසේ වෙතත් කිසිදු විධිමත් විමර්ශනයක් නොමැතිව හදිසියේ එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමේ හැකියාවක් නැත. එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමේ විද්‍යාත්මක පදනමක් හෝ සදාචාරාත්මක පදනමක් හෝ නොමැත. මෙවැනි ප්‍රකාශ නිතර සිදුවීම තුළ ඇති බරපතළ කාරණය නම් කලක් යද්දී ජාත්‍යන්තරය තුළ රජයේ ප්‍රකාශ ‘ගණන් නොගන්නා’ තැනකට පත්වීමය.

ගුවන් යානයක් අනතුරට පත්වීම සඳහා ගුවන් නියමුවන්ගේ දෝෂ හෝ ගුවන් යානයේ ඇති කාර්මික දෝෂ හෝ මේ හේතු දෙකම හෝ බලපායි. ගුවන් අනතුරක් යනු මේ ආකාරයට හේතු ගණනාවක් හේතුවෙන් සිදුවන්නකි. මෙයට හේතු විය හැකි නියමු දෝෂ අපට කරුණු වශයෙන් මෙසේ විග්‍රහ කළ හැකිය.

පහළ උන්නතාංශයක ගමන් කිරීමේ දී ගුවන් යානයක් මෙසේ පක්ෂීන් රංචුවකට මැදි වීම ඉතා අනතුරුදායක තත්ත්වයකි.

එයින් එකක් වන්නේ පවතින තත්ත්වය පිළිබඳ ඇති අවධානය ගිලිහී යාමය (Loss of Situational Awareness). භූමියට, ගුවන් ගමනාගමනයට හෝ වෙනත් අනතුරුදායක තත්ත්වයකට සාපේක්ෂව තමා සිටින තත්ත්වය ගිලිහී යාමේ ඉඩ තිබේ. මෙය බොහෝ විට සිදු වන්නේ සංකීර්ණ ක්‍රියාවලීන්, දරුණු කාලගුණ තත්ත්ව හෝ අධික වේගයෙන් ගුවන් යානය පදවාගෙන යද්දීය.

තවත් කාරණයක් වන්නේ භූමිය හෝ වෙනත් බාධකයක් දෙසට අනපේක්ෂිත ලෙස ගුවන් යානය ගමන් කරවීම (Controlled Flight Into Terrain – CFIT)ය. මේ අවස්ථාවේ දී තමාගේ තත්ත්වය පිළිබඳ ගුවන් නියමුවාට දැඩි අවධානයක් පැවතිය හැකි නමුත් දෘශ්‍යමය තත්ත්වයේ දුර්වලතාවක් හෝ උන්නතාංශය (මුහුදු මට්ටමේ සිට ඇති උස) පිළිබඳ වැරදි නිගමන නිසා මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය. ශ්‍රී ලංකාවේ සප්ත කන්‍යා කඳුවැටියේ දී සිදු වූ අනතුරට මෙය කදිම නිදසුනකි. එහිදී තමා මුහුදු මට්ටමේ සිට කෙතරම් උසකින් සිටින්නේ ද යන්න පිළිබඳ නියමුවාට නිසි පරිදි අවබෝධයක් නොතිබුණු බව පැවසේ.

ගුවන් යානයේ පිහිටීම හෝ ගමන් කරන ආකාරය පිළිබඳ නිවැරදි ලෙස අර්ථ දැක්වීමට ගුවන් නියමුවාට නොහැකි වීමේ සංසිද්ධියක දී (Spatial Disorientation) ද ගුවන් නියමුවා අතින් වරදක් සිදු විය හැකිය. මෙවැනි තත්ත්වයකට බොහෝ විට හේතු වන්නේ දුර්වල දාශ්‍යමය තත්ත්වය හෝ වේගයෙන් කටයුතු කරන්නට හෝ සිදු වීමය. එවැනි තත්ත්වයක දී ගුවන් යානය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු වැරදි ලෙස සිදු වීම හෝ පාලනය ගිලිහී යාම හෝ සිදු විය හැකිය.

Spatial Disorientation යනු මෙවැනි තත්ත්වයකි. ගුවන් යානය උඩු යටිකුරු වී ධාවනයේ යෙදුණ ද නියමුවාට ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවස්ථාවකි.

පමණ ඉක්මවූ විශ්වාසය හෝ තෘප්ත මට්ටමක සිටීම (Overconfidence or Complacency) තුළින් ද ගුවන් නියමුවකු අතින් වැරදි සිදු විය හැකිය. ඉතා පළපුරුදු නියමුවන් ඇතැම් අවස්ථාවක දී පවතින අවදානම් තත්ත්වය පිළිබඳ අඩු තක්සේරුවක් සිදු කරන අවස්ථා පවතී. එවැනි අවස්ථාවක දී තීරණ ගැනීමේ වැරදි සිදු විය හැකිය.

එමෙන්ම වැරදි සන්නිවේදනය හෝ දුර්වල සම්බන්ධීකරණය (Miscommunication or Poor Coordination) ගුවන් නියමුවකු අතින් වැරදි සිදු විය හැකි තවත් අවස්ථාවකි. ගුවන් නියමුවා සහ ගුවන් ප්‍රවාහන පාලක මධ්‍යස්ථානය අතර පැහැදිලි සන්නිවේදනයක් නොමැති අවස්ථාවක දී යම්කිසි ව්‍යාකුල තත්ත්වයන් උද්ගත වී වැරදි තීරණ ගැනීම තුළ අනතුරු සිදු විය හැකිය.

ප්‍රමාණවත් පුහුණුවකින් තොරව හෝ විඩාපත්ව ගුවන් යානය පැදවීම මෙයට හේතුවිය හැකි තවත් කාරණයකි. ප්‍රමාණවත් පුහුණුව, පළපුරුද්ද හෝ විඩාබර ස්වභාවය තුළින් ගුවන් නියමුවකු අතින් වැරදි සිදු විය හැකිය. මෙය බොහෝ විට අධික පීඩනයක් යටතේ ගුවන් යානය පදවාගෙන යද්දී සිදු විය හැකිය.

මෙයට අමතරව ගුවන් යානයක් අනතුරට පත්වීම කෙරෙහි බලපාන්නා වූ තවත් හේතු තිබේ. ඒවායෙන් එකක් වන්නේ යාන්ත්‍රික දෝෂයන්ය. එංජිම, ගුවන් යානයේ පාලක කොටස් හෝ හයිඩ්‍රොලික් පද්ධතිය අකර්මණ්‍ය වීම හෝ එවැනි තත්ත්වයක් ගුවන් යානයේ පවතින බව නොදැන සිටීම අනතුරකට හේතු විය හැකිය.

පක්ෂීන් නිසා ද ගුවන් අනතුරු බොහෝ සිදු වේ. විශේෂයෙන් පහළ උන්නතාංශවලින් ගමන් කරද්දී පක්ෂීන් කණ්ඩායමකට ගුවන් යානය මැදි වීම තුළින් එංජිම අකර්මණ්‍ය වීම හෝ දැඩි අලාභ හානි හෝ සිදු විය හැකිය. එහිදී අනතුරක් වීමේ ඉහළ හැකියාවක් තිබේ.

2020 අගෝස්තු 27 වැනිදා ඉන්දියාවේ කොසිකෝඩා ගුවන් තොටුපලේ ධාවන පථයේ සිදු වූ මේ අනතුරට හේතුව ගුවන් නියමුවා තුළ වූ පමණ ඉක්මවූ විශ්වාසය යැයි විමර්ශනවල දී අනාවරණය විය.

දරුණු කාලගුණ තත්ත්වයන් ද ගුවන් යානා අනතුරුවලට හේතු වී තිබේ. කුණාටු, අකුණු සහ විදුලිය කෙටීම් මධ්‍යයේ ගුවන් යානයක් පදවාගෙන යද්දී අනතුරක් සිදුවීමේ සැලකිය යුතු සම්භාවිතාවක් තිබේ.ඉන්ධන සැපයුම අඩපණ වීම වැනි කාරණයක් නිසා එංජිම එක්වරම ක්‍රියා විරහිත විය හැකිය. එවැනි තත්ත්වයක් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් අනතුරක් සිදු විය හැකිය.

දරුණු කාලගුණ තත්ත්වයන් ද ගුවන් යානා අනතුරුවලට හේතු වී තිබේ. කුණාටු, අකුණු සහ විදුලිය කෙටීම් මධ්‍යයේ ගුවන් යානයක් පදවාගෙන යද්දී අනතුරක් සිදුවීමේ සැලකිය යුතු සම්භාවිතාවක් තිබේ.

ඉන්ධන සැපයුම අඩපණ වීම වැනි කාරණයක් නිසා එංජිම එක්වරම ක්‍රියා විරහිත විය හැකිය. එවැනි තත්ත්වයක් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් අනතුරක් සිදු විය හැකිය.

Asiana ගුවන් සේවයට අයත් මේ යානය අනතුරට පත්වීම Controlled Flight Into Terrain – CFIT එක් නිදසුුනකි.

ගුවන් යානා පැරණි වන විට එහි උපකරණවල ඇති වන දෝෂ ද ගුවන් අනතුරු සිදු වන්නට හේතු වේ.

සටනක් පවතිද්දී ගුවන් යානයක් සතුරු ඉලක්කයක් බවට පත් වන්නට ඇති අවස්ථාව ඕනෑවටත් වඩා වැඩිය. එවැනි ඉලක්කයකට පත්වුවහොත් සිදු විය හැකි අනතුර කිසිසේත්ම වළක්වා ගත නොහැකිය.

මේ ආකාරයට බැලීමේ දී පෙනී යන්නේ ප්‍රහාරක කටයුතු සඳහා යොදා ගන්නා ඒවා ද ඇතුළුව සියලු ගුවන් යානා අනතුරට පත්වීම සඳහා එක් හුදෙකලා කාරණයක් පමණක් හේතු නොවන බවය. එහිදී නියමු දෝෂ, යාන්ත්‍රික දෝෂ, පාරිසරික සාධක හෝ කලින් අනුමාන කළ නොහැකි කාරණා ද හේතු විය හැකිය. නිසි පරිදි විමර්ශනයක් සිදු කිරීමකින් තොරව ඒවා මොනවාදැයි නිවැරදිව හඳුනාගත නොහැකිය. එවැනි විමර්ශන මගින් නිවැරදි හේතු හඳුනාගත හැකි අතර ඒවා තුළින් ගන්නා නිගමන සහ යෝජනා ඉදිරි ගුවන් අනතුරු අවම කර ගැනීමට ඉවහල් කර ගත හැකිය.

ගුවන් ධාවන පථයේ දෝෂ නිසා ගුවන් යානය ඉහළට නැංවීමේ දී හෝ බෑමේ දී අනතුරු සිදු විය හැකිය. එමෙන්ම ගුවන් යානයේ රෝද පහත් වීමේ දී එක් රෝද පද්ධතියක් හෝ නිසි පරිදි පහත් නොවීම නිසා අනතුරු සිදු විය හැකිය.

ගුවන් හමුදාවට අයත් ජෙට් යානය වාරියපොලට කඩා වැටුණු අවස්ථාව

මේ ආකාරයට බැලීමේ දී පෙනී යන්නේ ප්‍රහාරක කටයුතු සඳහා යොදා ගන්නා ඒවා ද ඇතුළුව සියලු ගුවන් යානා අනතුරට පත්වීම සඳහා එක් හුදෙකලා කාරණයක් පමණක් හේතු නොවන බවය. එහිදී නියමු දෝෂ, යාන්ත්‍රික දෝෂ, පාරිසරික සාධක හෝ කලින් අනුමාන කළ නොහැකි කාරණා ද හේතු විය හැකිය. නිසි පරිදි විමර්ශනයක් සිදු කිරීමකින් තොරව ඒවා මොනවාදැයි නිවැරදිව හඳුනාගත නොහැකිය. එවැනි විමර්ශන මගින් නිවැරදි හේතු හඳුනාගත හැකි අතර ඒවා තුළින් ගන්නා නිගමන සහ යෝජනා ඉදිරි ගුවන් අනතුරු අවම කර ගැනීමට ඉවහල් කර ගත හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර