ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

බස් රථ සේවාවට ආරම්භ කළ සැනින් , ඊට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

කාලීන පුවත්