ගෙදර ඉඳන් වැඩ කළත් පඩි කැපීමක් නෑ

රාජ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය රාජකාරියේ නියුතු කණ්ඩායම් පමණක් සේවයට කැඳවා අනෙක් අය මාර්ග ගත ක්‍රමයට රාජකාරියට සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුව ද එය මුල් කොට කිසිදු රාජ්‍ය සේවකයකුගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.පවතින සම්පත් ඌණතාව මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ(25) නිකුත් කරන ලදී. ඒ අනුව එක් එක් ආයතන ආයතන ප්‍රධානීන් සිය ආයතන වල ව්‍යුහය එම ආයතන ප්‍රධානීන්ට අභිමත පරිදි සකස් කිරීමට බලය පවරා තිබේ.මුත්,එය වැටුප් ගෙවීමේ යාන්ත්‍රණය හා සම්බන්ධ කොට නැත.

කාලීන පුවත්