ගෙදර විවේක සුවයෙන් සිටිය යුතු මහින්ද ආයිත් අගමැති කරන්න හදනවා

දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් විවේකයෙන් නිවසේ සිටින යුතු තත්වයක පසුවිය යුතු මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අගමැති ධුරයට පත් කිරීමේ සැලසුමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අගමැති ධුරයට පත් කිරීම පිණිස ආණ්ඩු පක්ෂයේ සිටින ඇතැම් පිරිස් තම පාර්ශ්වයන්ට ද යෝජනාව ගෙන ආ බව සඳහන් කළ මන්ත්‍රීවරයා මෙම උත්සාහයට කෙසේවත් තම සහය නොලැබෙන බව ද කීය.මේ අතර අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය නංවාලීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක් ඇරඹීමට සැරසෙන අතර පක්ෂයේම තවත් පිරිසක් ඊට දැඩි විරුද්ධත්වයක් පළ කරන බවට ද තොරතුරු ලැබී තිබේ.

කාලීන පුවත්