මේ වන විට ආණ්ඩුව ආරම්භ කර ඇති ජන හා නිවාස සංගණන කටයුතු සඳහා ග්රාම නිලධාරින්ට ලබා දෙන මුදල කෙසේවත් ප්රමාණවත් නොවීම මත ඊට විරෝධය පළකරමින් දින 14 ක කාලයකට ග්රාම නිලධාරින් ජන හා නිවාස සංගණන කටයුතු වලින් ඉවත්වන බව ශ්රී ලංකා ග්රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා කීය.එක් නිවසක සංගණන ලේබල් ඇලවීම පිණිස ලබා දෙන මුදල රුපියල් 30 ක් බවත් එසේම ප්රවාහන වියදම් දීමනාව වශයෙන් රජය මසකට ගෙවනුයේ රුපියල් 600ක දීමනාවක් බවත්, එය ද කිසිසේත්ම ප්රමාණවත් නොවන බවත් ඔහු කීය.මේ හේතුව නිසා වෙනත් නිලධාරීන් යවා නිවාස හා ජන සංගණනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්,නිවාස හා ජන සංගණනයේ තොරතුරු රැස් කිරීමේ බලය ඇත්තේ ග්රාම නිලධාරීන්ට පමණක් බැවින් නිවෙස් වෙත පෞද්ගලික තොරතුරු ඉල්ලමින් පැමිණෙන අයට තොරතුරු කිසිවිටෙකත් ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීවේය.