ගේට්ටු නැති දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පදවන්නවුන්ට දුම්රියෙන් අවවාද

විදුලිය කප්පාදු කොට ඇති අවස්ථාවන් හි දී සීනු නාදය සහ රතු එළිය(Bell and light )මඟින් අනතුරු අඟවා ඇති ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන වාහන වල රියැදුරන් අතිශයින් සැලකිලිමත් විය යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ඒ දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු විදුලි කෝෂ මඟින් ක්‍රියාත්මක වුව ද විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් එම විදුලි කෝෂ ක්‍රියා විරහිත වීමට ඇති ඉඩ කඩ හේතුවෙනි.

කාලීන පුවත්