ගොඩකවෙල හා වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස ප්‍රකාශ කරයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්‍රාම නිලධාරි වසම් 37 ක්, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 30 ක්, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 02 ක්, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 02 ක් සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරි වසමක් ඊට ඒකාබද්ධ කර ඇති බවයි.

එමෙන්ම, ගොඩකවෙල සහ වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්‍රදේශය යටතේ සංවර්ධනය කිරීම ට නියමිත බවද ඇය පවසනලදි.

සංවර්ධනය නොකළ එම ප්‍රදේශ යළි සංවර්ධන කර ජනතාව ගේ ජීවනෝපාය ශක්තිමත් කරන ලෙස ප්‍රදේශයේ විහාරස්ථාන විහාරාධිපතිවරුන්, ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන නියෝජිතයින් විසින් දිගින් දිගටම කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම පියවර ගත් බවද ඇය සඳහන් කරයි.

කාලීන පුවත්