උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවිබිම් සඳහා ජලය සැපයීම ඊයේ (22) දිනයෙන් අවසන් වූ අතර ගොවිබිම්වලින් 70% කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බව ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා කීය.එසේ වුව ද මයුරපුර, අගුණකොළපැලැස්ස ආදී ප්රදේශවල ඇතැම් කුඹුරු සඳහා ජලය නිකුත් කිරීම සම්බන්ධ යම් යම් ගැටලු මතු වූ බව ඔහු සඳහන් කළේය.යළ කන්නයේ වගා කළ කුඹුරුවලින් අක්කර 47000 ක් විනාශ වී ඇති බවට ගණන් බලා ඇති බව පවසන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනුයේ වියළි කාලගුණයෙන් හානියට පත් කුඹුරු ඉඩම් පරීක්ෂා කිරීම මේ වනවිටත් සිදු කරන බවකි.