ගොවි ජනතාවට ගොවිතැන එපා වුවහොත් මුළු රටේම ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් රටේ ජනතාවගේ කුසගිනි නිවීමට දහඩිය හෙළන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියහ. ඒ අතරේ මේ වනවිට මෙරට කෘෂිකර්ම කටයුතු සඳහා තරුණ ප්‍රජාවේ සහභාගිත්වය අඩුවීම සම්බන්ධව අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ද අමාත්‍යවරයාට පැවසූහ.උන් වහන්සේ මෙම අදහස් පළ කළේඑළැඹෙන මහ කන්නයේ දී වගා කටයුතු ආරම්භ කිරීමට පෙර මහනාහිමිවරුන්ගේ අනුශාසනා හා උපදෙස් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) මහනුවර දී මහනායක හිමිවරුන් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදී ය.