ගොවීන්ට තෙල් දෙන්න අලුත් නිලධාරියෙක්

වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියෙක් මෙි සඳහා පත්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී ඇත.

මෙවර යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 512,000 ක වී අස්වනු සැප්තැම්බර් 30 වනවිට නෙලා අවසන් වීමට නියමිත බැවින් මෙම ඉන්ධන ප්‍රමාණය එම දිනය වන විට සපයා අවසන් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කාලීන පුවත්