ගෝඨාට තායිලන්තයේ රැඳෙන්න දෙන්නේ”මනුස්ස කමට” ශ්රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයේ තාවකාලිකව රැඳී සිටීමට අවසර හිමි වනුයේ වෙනත් රටක ස්ථිර ව රැකවරණය ලැබෙන තෙක් බවත් එය මානුෂීය වශයෙන් සලකා ගනු ලැබූ තීරණයක් බවත් තායිලන්ත අග්රාමාත්ය ප්රයුත් චාන්-ඕ-චා සඳහන් කරයි.එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය තුළ දී කිසිදු දේශපාලන කිසිදු දේශපාලන ක්රියාකාරකමකට සම්බන්ධ නොවීමට ද බවට ද පොරොන්දු වී ඇතැයි තායිලන්ත අග්රාමාත්ය වරයා පැවසීය.