නුදුරු දිනයෙක නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී උණුසුම් ලෙස පිළිගැනීමක් සංවිධානයේ කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග කියයි.මේ අතර ඒ මහතා වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයෙකුට හිමි පහසුකම් සියල්ල මේ වන විට පිළියෙල කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.එහෙත්,ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කළේ එවැනි පිළිගැනීමක් පිළිබඳව කිසිදු රාජ්‍ය සම්බන්ධතාවක් හෝ මැදිහත් වීමක් නොමැති බවකි.