ගෝඨා ගෝ ගම අරගලකරුවන් 21ක් අත් අඩංගුවට

අද(20) අලුයම් කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කළ පුද්ගලයින් 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක්, පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සහ කාන්තාවන් සිව් දෙනෙකු ද වන බවකි.අරගල කරුවන් අද උදෑසන වන විට ඔවුන් එම ස්ථානයේ රැඳෙමින් මුදල් අමාත්‍යාංශය මෙන්ම මහ භාණ්ඩාගාරය සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙක ද අවහිර කිරීමට කටයුතු කර පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ද ඉදිකර විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන්ට මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි මහජනතාවට කාර්යාල තුළට යාමටත් කාර්යාල තුළ සිටින පිරිසට පිටතට පැමිණිමටත් නොහැකි තත්ත්වයක් උදාවූ බව පොලීසිය කියයි.දොරටුව අවහිර වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල පිරිස සමග මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගී විමට තිබූ සාකාච්ඡාවලට පවා බාධා ඇති වූ බව පොලීසිය ප්‍රකාශ කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් කොටුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය කියයි.

කාලීන පුවත්