ගෝඨා නතර කළ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹෙයි

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ නතර කොට දමන ලද කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇති බව වාර්තා වෙයි.කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිලෝමීටර් 16 ක් දිග දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වන අතර, මාලඹේ සිට කොළඹ – කොටුව දක්වා විනාඩි 30 කින් ගමන් කළ හැකි බව පැවසෙයි.මෙය අගනුවර ආශ්‍රිත රථ වාහන තදබදයට කදිම විකල්පයක් වන මෙය පදනම් විරහිත ලෙස නතර කොට දැමීම සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එවක විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.

කාලීන පුවත්