හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලාගිය පුවත නිර්මාණය කළ එකක් බවත් ඔහු රටින් ගියේ වෛද්‍ය පරීක්ෂණයකට බවත් ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දී නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.ඒ දිවයින පුවත් පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩනයන් කළ වමසීමක දීය.පලිහවඩන මහතා නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
ප්රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?
පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?
ප්රශ්නය – ජනතාව
පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර යාම විදෙස් මාධ්‍ය සියල්ලේම පලා යාමක් ලෙස සඳහන් කොට තිබූ අතර පලාගිය රාජ්‍ය නායකයන් පිළිබඳ අන්තර් ජාල විකිපීඩියා වෙබ් අඩවියේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නම සඳහන් වී තිබේ.