ගෝඨා පිළිගන්න මහින්දානන්ද ඇතුළු මැති ඇමති පිරිසක් ගුවන් තොටුපලට

අතිශය අසාර්ථක රාජ්‍ය පාලනයක් නිසා මතු වූ පොදු ජන විරෝධය හමුවේ රටින් පළාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බිරිඳ ද සමඟ අද(03) අලුයම කටුනායකින් දිවයිනට පැමිණි මොහොතේ මැති ඇමති වරුන් කිහිප දෙනකුම ඔහු පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටි අතර රාජපක්ෂ පවුලේ කිසිවකුත් ඊට එක් නොවීම විශේෂත්වයකි ජනපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ගන්නා ලද අතිශය අදූරදර්ශී දේශපාලන තීන්දුවක් වන ඊනියා කාබනික පොහොර වැඩ සටහන ඔහු හා එක් ව දියත් කළ හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ටිරාන් අලස්,සාගර කාරියවසම් හා මධුර විතානගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කාලීන පුවත්