නාඩු හාල් හිඟයෙන් පටන් ගත් සහල් අර්බුදය කැකුළු හාල් හිඟයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.එය වා සුළියක් මෙන් රටේ හාල් මිල ද ඉහළට උස්සමින් කළු කඩයටත් පෝලිමටත් ප්‍රතිජීවය දී මේ වන විට කැරකෙමින් තිබෙන්නේ ගොවීන් හා ආණ්ඩුව අතර අර්බුදයක දොරකඩ ය.නාඩු හාල් හිඟයට ආණ්ඩුවේ පිළිතුර වුණේ නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීම ය.නාඩු හිඟයට මුල හේතුව මහ සහල් මෝල් හිමියන් වී හංගාගෙන සිටීම යැයි විශ්වාස කළ ආණ්ඩුව හාල් ටොන් හැත්තෑ දහසක් ආනයනය කිරීමේ “ෂෝට් කට් එකෙන්” නාඩු සහල් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වෙතැයි අවංකව සිතූ බව පෙනේ.එසේ වුවත් සහල් ටොන් ලක්ෂ එක හමාරක් ආනයනය කළත් කැකුළු සහල් හිඟය ට විසඳුමක් හොයාගැනීමට ආණ්ඩුවට නොහැකි විය. ආණ්ඩුව කැකුළු සහල් හිඟයට හේතුව ලෙස සිතා සිටියේම මහ මෝල්කරුවන්ද ඇතුලු සහ නිෂ්පාදකයින් වී හංගාගෙන සිටීම නිසා සිදු වූ අලකලංචියක් ලෙසට ය.
ආණ්ඩුව සහල් ගැටලුව දෙස බැලුවේ සුපුරුදු හුදු දේශපාලන ඇසින් මිස යථාර්ථය හා බැඳුණු විමර්ශනශීලි ඇසකින් නොවේ.දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැන පිළිබඳව දේශපාලනිකව තමන් විසින් ගොඩ නැගූ ව්‍යාජ ජනප්‍රිය ප්‍රවාද හා ප්‍රලාප මත එල්බගෙන සහල් ප්රශ්නය දෙස බැලීම නිසා සහල් හිඟයට සැබෑ හේතුව වටහා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට හැකි වූයේ නැත.හැම වසරකම අවසාන කාලයේ දෙසැම්බර් මස සහල් මිල ඉහල යන බවත් එසේ වන්නේ අගෝස්තු මාසයේ නෙලා ගන්නා යල කන්නයේ අස්වැන්න සාපේක්ෂව කුඩා වීමත් එම අස්වැන්නෙන් ආරම්භයේ දී වෙළඳපොලට එන්නේ 50%පමණ ප්‍රමාණයක් නිසා බවත් ආණ්ඩුව තවමත් තේරුම් ගෙන ඇතිදැයි සැක සහිත ය.
එනිසාම ඊට විසඳුම ලෙස අසාධ්‍යව සිටි වී අලෙවි මණ්ඩලය නැගිට්ටුවා අස්වනු නෙලන කාලයට වී තොග රැස්කර මිල ඉහළ යන විට එම වී කොටා වෙළඳපොලට නිකුත් කර සහල් වෙළඳපොල පාලනය කිරීමේ යල් පැන ගිය උපක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය විය.එදා සිට ආණ්ඩුවේ බලධාරීන් කල් ගත කළේ නිලධාරීන් යොදා මහ මෝල් වල වී කෙටීම හා වෙළඳපොලට එවීමට අදාල තොරතුරු අධීක්ෂණය කිරීමට ය.ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන කලකිරුණු පාක්ෂිකයන් ප්‍රබෝධමත් කිරීමට දෝ ආණ්ඩුවේ වැඩපිළිවෙලට එකඟ නොවන මහ මෝල්වලට හමුදාව යොදා අධීක්ෂණය කිරීම වැනි කටයුතු කෙරෙහි ද අදහස් පළ විය.එය හරියට සතියකට ගෙදරට උවමනා හාල් තුන පහ දුරු මිරිස් ගෙන ඒමට අඩි හතලිස් පහේ කන්ටේනරයක් යොදා ගන්නවා වැනි වැඩකි.ඒ අතර ඇමතිවරුන් මන්ත්‍රීවරුන් වසා දැමූ වී මෝල් සංකීර්ණ ගබඩා සංකීර්ණවල සැරිසරමින් මේවා විනාශ වෙන්න හැර තිබීම බරපතල අපරාදයක් යැයි කියමින් “අවුරුදු හැත්තෑ හයක සාප කතාව” රීකන්ඩිෂන් කොට ගෙන හැර දක්වනු ද මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.නමුත් මේ කිසිවකින් සහල් ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැත.ඉන් අදහස් වන්නේ සහල් අර්බුදය කලමනාකරණයේදී ආණ්ඩුව පොට වරද්දා ගත් බව හැරෙන්නට අන් යමක් නොවේ.
ආණ්ඩුව සහල් ගැටලුව දෙස බැලුවේ සුපුරුදු හුදු දේශපාලන ඇසින් මිස යථාර්ථය හා බැඳුණු විමර්ශනශීලි ඇසකින් නොවේ.දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැන පිළිබඳව දේශපාලනිකව තමන් විසින් ගොඩ නැගූ ව්‍යාජ ජනප්‍රිය ප්‍රවාද හා ප්‍රලාප මත එල්බගෙන සහල් ප්රශ්නය දෙස බැලීම නිසා සහල් හිඟයට සැබෑ හේතුව වටහා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට හැකි වූයේ නැත.හැම වසරකම අවසාන කාලයේ දෙසැම්බර් මස සහල් මිල ඉහල යන බවත් එසේ වන්නේ අගෝස්තු මාසයේ නෙලා ගන්නා යල කන්නයේ අස්වැන්න සාපේක්ෂව කුඩා වීමත් එම අස්වැන්නෙන් ආරම්භයේ දී වෙළඳපොලට එන්නේ 50%පමණ ප්‍රමාණයක් නිසා බවත් ආණ්ඩුව තවමත් තේරුම් ගෙන ඇතිදැයි සැක සහිත ය.යල කන්නයේ අස්වැන්නේ ඉතිරි 50%ලොකු කුඩා වී තොග රැස්කරන්නවුන් හා ගොවීන් ළඟම නොවැම්බර් දෙසැම්බර් මාසවල ඉහල මිලට අලෙවි කිරීමට ගබඩා කෙරේ.එසේ වුව ද ආණ්ඩුවේ දේශපාලන බලවේගයේ ගොවි සංවිධානය වන සමස්ත ලංකා ගොවි සම්මේලනය දිගු කලක සිට අස්වනු නෙලන කාලවල රටේ පැතිර වූ අදහස වූයේ ගොවීන්ගේ වී තොග මහා පරිමණ මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට මිලට ගෙන සහල් වෙළඳ පොල හසුරුවමින් පාරිභෝගිකයා ද සූරාකමින් අධික ලාභයක් ලබමින් සිටින බව ය.මේ නිසාම ගොවියා යනු අධික සූරාකෑමට ලක්ව සිටින අන්ත අසරණ කොටසක්ය යන මතය ද රටේ ස්ථාපිත කෙරිණි. රටේ බොහෝ ගොවි සංවිධාන ද තවමත් දරමින් සිටින්නේ ද මේ මතයයි.මේ නිසාම මහ ජනතාව ද බහුලව විශ්වාස කරන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් යනු ශ්‍රී ලංකාවේ සහල් කර්මාන්තය ප්‍රවර්ධනය කර අස්වනු සඳහා නිසි මිලක් නැතිව අතරමංව සිටි ගොවි ජනතාවට කරදරයකින් තොරව සිය අස්වනු විකුණා ගැනීමට අවස්ථාව සැලසූ දේශීය ව්‍යවසායකයන් පිරිසක් ලෙස නොව ගොවියා හා පාරිභෝගිකයා සූරාකමින් අධික ලාභ ලබන කූට ව්‍යපාරික පිරිසක් ලෙසට ය.
එසේ වුවද සහල් අර්බුදය පිළිබඳව විමර්ශනශීලීව බැලීමේදී වී සහ සහල් මිලට පසුගිය වසර පහ තුළ සිදුවූ වෙනස් කම පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත .2020 වසර වන විට වී සඳහා සහතික මිල වූයේ කිලෝ එකකට රුපියල් 50කි.2021 වර්ෂය සඳහා වී සහතික මිල වූයේ කිලෝග්‍රෑමයක් රුපියල් 56.50ය එසේවුව ද 2022 වසරේදී මේ සහතික මිල රුපියල්120,මට්ටම දක්වා වැඩි කෙරුණේ රොකට් වේගයෙනි.ඒ වෙලඳ පළේ උද්ධමනය නිසා රුපියල් 180පමණ වනතුරු ඉහළ ගිය සහල් මිලට සාපේක්ෂව ය. 2024 රට කෙමෙන් අර්බුදයෙන් මිදෙමින් උද්ධමනය අඩුවන විට ඊට සාපේක්ෂව සහල් මිල අඩු නොවුණේ 2022නියම කළ වී සහතික මිල වෙනස් නොකර ඒ ඉහල මට්ටමේම රඳවා ගත් නිසා ය.2022 නියම කළ වී සහතික මිල පදනම් කර ගෙන 2023 දී වී මිලදී ගත් පසු සහල් විකිණීම සිදුවන්නේ ඒ වී මිල පදනම්ව සැකසෙන සහල් මිල අනුව ය.ඒ අනුව සහල් මිල රුපියල් 200 සීමාව පනිද්දීත් රජය වී සහතික මිල පහළට ගෙනැවිත් සහල් මිල අඩු කිරීමට ක්‍රියා කළ යුතුව තිබුණි.නමුත් එවක පැවති රජයන් ගෙන් ඒ කාර්ය ඉටු වුණේ නැත.ඒ වෙනුවට අදූරදර්ශී ලෙස වී සහතික මිල රුපියල්.120 පවත්වා ගෙන යාමට එවක ආණ්ඩුව ද පියවර ගෙන තිබිණ.ඒ නිසා තිරිඟු පිටි සහ පාන් මිල පහල බසිද්දී සහල් මිල ඉහළ මට්ටමේ ස්ථාවර විය.2024 යල කන්නයේ වී මිලදී ගත්තේ ද 2022 නියම කල සහතික මිල පදනම්ව ඊට වඩා වැඩි මිලකට ය.ඒ අනුව සහල් සඳහා නියමිත උපරිම සිල්ලර මිල වූ රුපියල් 220 ඉක්මවමින් සහල්මිල ඉහල යාම නොවැම්බර් මාසයේදී සිදු විය.
යල කන්නයේ වෙළඳපොලේ පැවති රජයේ ඉහල සහතික මිල පදනම්ව සිරිත් ලෙස ඊට වඩා මඳක් වැඩි මුදලට පුද්ගලික මෝල් හිමියන් මිලට ගත් වී වලින් නිපද වූ සහල් මිල වසර අග දී උපරිම සිල්ලර මිල ඉක්මවමින් ක්‍රමයෙන් ඉහල නගිද්දී වත්මන් ආණ්ඩුව දැඩිව එකී උපරිම සහල් මිල ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් ආරම්හ කරන ලදී.මේ වැටලීම් නිසා සිදුවුණේ වසර අග දී ඉහල මිලට අලෙවි කිරීමට ගොවීන් හා කුඩා තොග එක් රැස් කරන්නන් සතුව තිබූ වී වලින් නිෂ්පාදනය කරන සහල් කළු කඩය හරහා උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ආරම්භ වීමයි.ඒ අනුව විවෘත වෙළඳපොලේ සහල් හිඟ විය.මෙහිදී ජනාධිපතිවරයා මහා පරිමාන සහල් නිෂ්පාදකයන් ගෙන්වා සහල් සිල්ලර මිල රුපියල් දහයකින් වැඩිකර ඔවුන්ට දැඩි ස්වරයෙන් වෙළඳපොලට සහල් සැපයීම යථාවත් කරන ලෙස ‘නියෝග’ කළේ සහල් හිඟය මහා පරිමාණ නිෂ්පාදකයන්ගේ වැඩක් බව හිතාගෙන බව පෙනේ..එසේවුව ද මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ඒ වන විට සහල් හිඟය වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නැත ජනාධිපතිවරයාගේ නියමයෙන් නිලධාරීන් මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණවල දෛනික නිෂ්පාදනය සහ දෛනික වෙළඳපොළ සැපයුම පරීක්ෂා කෙරිණි.අවසානයේදී සහල් හිඟය ඇතිවුණේ මහා පරිමාන සහල් නිෂ්පාදකයින් නිසා නොවන බව අන් අය කෙසේ වෙතත් ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බව ඔහු සජීවී මාධ්‍ය සංවාදයක දී පළකල අදහස් වලින් පැහැදිලි විය.පමා වී හෝ ඔහුට මෙය වැටහීම ලොකු දෙයකි.
මේ වන විට මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වී ඇත.අක්කරපත්තුව ප්‍රදේශයේ මාස් කන්නයේ නෙලූ මුල් අස්වැන්න මිලදී ගැණුනේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 135පමණ මිලකට ය. මේ මිලට මිලදී ගන්නා වී වෙනත් කිසිදු වියදමක් නොදරා ඒ අන්දමින්ම සහල් නිපදවීමට යෙදුවොත් සහල් කිලෝග්‍රෑමයක් සඳහා යොදා ගන්නා වී වලට පමණක් රුපියල් 216 වියදමක් දැරීමට සිදු වේ.සහල් නිපදවීමට අදාල අනිකුත් වියදම්,මෝල් හිමියාගේ හා වෙළෙන්දන්ගේ ලාභය ලෙස ලෙස කිලෝග්රෑමයකට තවත් රුපියල් හතලිහක් එකතු කළොත් සහල් මිල රුපියල් 260වත් වනු ඇත.ඉදිරියේ අස්වනු නෙලීම වැඩිවත්ම මේ වී මිල පහලට එනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුණත් එය කෙසේවත් රුපියල් 100 පහලට එන්නේ නැත.අවම වශයෙන් වියළි වී මිල කිලෝග්රෑමය රුපියල් 120 පහලට එතැයි සිතීම අපහසු ය.සහල් මිල රුපියල් 220 අගයක තබා ගන්නට නම් වී මිල රුපියල් 110 න් පහල මට්ටමට ගෙන ආ යුතු වේ.
ආණ්ඩුව දැන් මුහුණ දෙමින් සිටින්නේ මෙවර මාස් කන්නයේ වී මිල රුපියල් 110මට්ටමට තබාගෙන සහල් සිල්ලර මිල රුපියල් 220හා 230අතර තබා ගැනීමේ අභියෝගයටයි. මෙහිදී ආණ්ඩුවට ගැටෙන්නට සිදුව ඇත්තේ ගොවීන් සමඟයි.වී මිල රුපියල් 130 මට්ටමෙන් පහලට එන ලෙස ආණ්ඩුවේ සහතික මිල නියම කළොත් ගොවීන්ගේ ප්‍රබල අප්‍රසාදයට මුහුණ පෑමට ආණ්ඩුවට සිදුවෙයි. ආණ්ඩුව වී සහතික මිල 130මට්ටමට නියම කළොත් පාරිභෝගිකයන්ට සහල් මිලට ගන්න වෙන්නේ රුපියල් 250 ඉහල මිලකට ය.එවිට පාරිභෝගිකයන්ගේ විරෝධයට හේතුවක් වෙයි.වසර අග දී ඇතිවූ සහල් අර්බුදයට විසඳුම වී මිලට ගෙන ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම බව පුන පුනා කියූ ආණ්ඩුවට දැන් වී සඳහා සහතික මිල නියම කර ගත නොහැකිව ඉන්නේ ඔන්න ඔය හබකයට හසු වී ඇති නිසා ය.අනික් අතට විරුද්ධ පක්ෂයේ සිටියදී වී කිලෝග්‍රෑමයක් නිපදවීමට ගොවියාට රුපියල් 154වියදම් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න දැන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති ය. එදා වියදමට සරිලන ලෙස වී මිලක් නියම කිරීමට ඒ ආණ්ඩු අසමත් වූ බව කියමින් විරෝධය පෑ ඔහු අද ආණ්ඩුවේ වී සහතික මිල ප්‍රකාශ කර ගත නොහැකිව නඟන වාගාලාප ඇසෙන විට සිතෙන්නේ මේ හොරුන්ට දඬුවම් දෙන බව කියා බලයට පැමිණි ආණ්ඩුව දැඩිම දඬුවම දී ඇත්තේ තමන්ගේම ගොවි සම්මේලනයේ සභාපතිවරයාට කියා ය.ඒ දඬුවම නම් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිකම ඔහුට ලබාදීම ය.මේ වන විට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා තමන් අතීතයේ රටට කියූ ප්‍රලාප තමන් විසින්ම බොරු කරන ප්‍රකාශ තම මුවින්ම කරමින් විහිළුවට ලක්වෙමින් සිටියි.
සත්‍ය වශයෙන්ම සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සිදුවූයේ 2022ආර්ථික අර්බුදය සමග පැවති අධික උද්ධමනය නිසා ය.ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මරිමෝඩ කාබනික ප්‍රතිපත්තිය නිසා වී අස්වැන්න බරපතල ලෙස පහත වැටෙද්දී නාමල් කරුණාරත්න විසින් මෙහෙයවනු ලැබූ ගොවි ජන විරොධය පාලනය කිරීමට සිතා වී සහතික මිල පැවති මිලට වඩා දෙගුණයකටත් ඉහලින් නියම කිරීම ඒ ආණ්ඩුව කළ ඊළඟ මෝඩ ක්‍රියාව විය.ආර්ථික අර්බුදය කෙමෙන් සමනය කරන විට මේ අන්දමින් ඉහළ ගිය මිල මට්ටම් ක්‍රමයෙන් පහලට බැස යථාවත් විය යුතු ව තිබුණි. රුපියල් 180දක්වා අර්බුද සමයේ ඉහල ගිය පාන් ගෙඩිය මේ වනවිට රුපියල්110මට්ටමට පහල බැස්සේ ඔය න්‍යායෙනි. නමුත් වී සහ සහල් අරබයා එය සිදු නොවුණේ ආණ්ඩුවේ වී සහතික මිල හා සහල් උපරිම සිල්ලර මිල ආණ්ඩුව විසින් අඛණ්ඩවම ඉහල අගයක රඳවා තිබුණු නිසා ය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද මේ වී හා සහල් මිල ඉහල මට්ටමෙන් රැඳී තිබීමට බාධා කළේ නැත.ගෝඨාභයගේ ආණ්ඩුවේ කාබනික වගා ප්‍රතිපත්තියේ සිට වී සහතික මිල දක්වා සියල්ලට එරෙහිව ගොවීන් අවුස්සමින් රටපුරා උද්ඝෝෂණ සංවිධානය කළ ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලැබුණු පසුව මේ කෘත්‍රිමව ඉහළ රඳවා ඇති වී සහ සහල් මිල මට්ටම අඩුකර ගැනීම පිළිබඳ අභියෝගයට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ දෛවෝපගතව ය.
ආණ්ඩුව මුහුණ දී ඇති ඊළඟ අභියෝගය වන්නේ සහල් අර්බුදයට විසඳුම ලෙස ඔවුන් විසින් ඉදිරිපත් කළ ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යමින් සහල් වෙළඳපොල පාලනය කිරීමේ උපක්‍රමය සාර්ථක කර ගැනීම ය . ජනාධිපතිවරයා පවා මහජන හමුවීම් වලදී යළි කිසි දින රට තුළ සහල් අර්බුදයක් ඇතිවීම වැලැක්වීමේ මහා උපාය මාර්ගය ලෙස වර්ණනා කරන මෙම වී ආරක්ෂිත තොගයක් රජය භාරයේ පවත්වාගෙන ගොස් සහල් වෙළඳපොල පාලනය කිරීමේ උපක්‍රමය සඳහා වී මිලදී ගැනීමට රුපියල් මිලියන 500 ක් වෙන්කර දුන් බව ද පැවසේ.මේ මුදලින් වී කිලෝ එක රුපියල් 100 බැගින් මිලදී ගත්තත් මිලට ගත හැක්කේ වී ටොන් පනස් දහසක් පමණි.එය ප්‍රමාණවත් වන්නේ රටේ දින .පහකට ය ඒ අනුව මේ මුලු මුදලටම වී මිලදී ගනු ලැබුව ද සතියකට ප්‍රමාණව.ත් සහල් වත් සැපයිය නොහැකිව සහල් වෙළඳපොල පාලනය කිරිම කළ හැකි දෙයක් නොවනු ඇත..
එසේම කිසියම් අන්දමකට රජය විසින් සහතික මිලක් නියම කළත් ඒ මිලට ගොවීන් රජයට වී ලබාදෙයි ද යන ගැටලුවක් දැනටම පැන නැඟී ඇත.ඇතැම් ගොවි නායකයන් දැනටම ප්‍රකාශ කර ඇත්තේ සහතික මිල ප්‍රමාණවත් නැත්නම් ඊට වඩා වැඩි මිලට පුද්ගලික අංශයට තම අස්වැන්න අලෙවි කරනවා මිස රජයට වී ඇටයක්වත් නොදෙන බව ය.මේ ප්‍රකාශයෙන් කිපුණු ආණ්ඩුවේ ප්‍රබලයන් සමාජ මාධ්‍ය මගින් ප්‍රතිචාර දක්වා තිබුණේ පොහොර සහනාධාරය ආණ්ඩුවෙන් ගන්නවා නම් වී ප්‍රමාණයක් රජයට ලබා දීම ගොවීන්ට අනිවාර්ය කළ යුතු බව පවසමිනි.ඊට සහය දුන් අය වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ ආණ්ඩුව ගොවිතැනට වතුර දෙන්නේත් නොමිලයේ නිසා වතුර සහ පොහොර සහනාධාරයට හිලව් වනලෙස වී රජයට දීමට ගොවීන් බැඳී සිටින බව ය. රුපියල් 350ට පොහොර මිටියක් ගොවීන්ට ලබා දුන් වකවානුවේ මම අම්පාර දිසාපති ලෙස සේවය කළෙමි. හදිසි අවශ්‍යතාවයකදී රජය සතුව වී තොගයක් පවත්වාගෙන යා හැකි අන්දම ගැන සිතා බලා තමන්ට දන්වන ලෙස එවක භාණ්ඩාගාර ලේකම් පී බී ජයසුන්දර මට දන්වන ලදී.මේ කරුණ පිළිබඳව මා සාකච්ඡා කළේ එවක ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපතිව සිටි හිමිදුරාවේ ජයසේන අයියා හා බක්කිඇල්ලේ තවත් ගොවි නායකයෙකුව සිටි රත්නපාල අයියා ඇතුලු ගොවි නායකයන් කීප දෙනෙකු සමඟ හා අම්පාර කෘෂිකර්ම ව්‍යාප්ති නියෝජ්‍ය අධ්යක්ෂ පී එම් දයාරත්න සමඟ ය.රජයේ අදහස අගය කළ ගොවි නායකයන්ගෙන් මේ ආරක්ෂිත තොගය සඳහා වී ලබා ගත හැකි ක්‍රමවේදය පිළිබඳව අදහස් විමසූ පසු ජයසේන අයියා ගත්කටටම කිව්වේ “ඇයි සර් ඕක අමාරු වැඩක් යැ අපිටම පුලුවන් නෙ;ආණ්ඩුවට වී ටිකක් දෙන්න. මේ ගල්ඔය සේනානායක සමුද්දරේ යටතේ විතරක් අක්කර 120000ක් වවනවා .අක්කරේකින් වී මිටිය ගාණේ එකතු කළත් වී මිටි 120000ක් එකතු කළ හැකිනෙ.”කියා ය. බක්කි ඇල්ලේ රත්නපාල අයියා රැල් බුරුල් ඇර කිව්වේ “අපි කොහොමත් ගොයම් කැපුවම දෙයියන්ට වී මිටියක් වෙන්කරනවනෙ ඉතින් තව මිටියක් දෙකක් ආණ්ඩුවට වෙන් කරන එක මොකක්ද?” කියා ය.අනිකුත් ගොවි නායකයන් ද ඒ අදහස් අනුමත කළ අතර ඒ ගැන මම භාණ්ඩාගාර ලේකම් වරයාට වාර්තාවක් යැවීමි ඒ අනුව මේ සඳහා වැඩ පිළිවෙල සැකසීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට භාර දුන් පසු ඔවුන් පොහොර සහනාධාරය සමඟ බද්ධ කර රජයට සහතික මිලට විකිණිය යුතු වී කිලෝ ගණනක් නියම කර චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලදී.නමුත් අලි මදිවාට හරක් කීවා සේ පසුගිය කන්නයටත් දිය යුතු වී ප්‍රමාණයක් එහි සඳහන් කර ඊළඟ කන්නයේ දී කොටස් දෙකම ලබා දීමටත් නියම කර වැඩේ තවත් අජූත ලදී.ඒ යටතේ යම් වී ප්‍රමාණයක් ලැබුණත් පොහොර සහනාධාරය දීමට රජයට වී ලබා දිය යුතුයැයි කර තිබූ නියමය ගොවීන්ට තිත්තම තිත්ත විය.
තමන්ගේ සපෝටර්ලාගේ මෝඩ යෝජනා අනුව පොහොර සහනාධරයට හිලව්වට ආණ්ඩුවට සහතික මිලට වී විකිණිය යුතුය කියා නීතියක් දැමීමට පෙර ඉන් ආණ්ඩුව හා ගොවීන් අතර සදා ඇවිලෙන ආරවුලක් මතුවීමට ඉඩ ඇති බව සිහි බුද්ධියෙන් යුතු ආණ්ඩුවේ බලධරීන් සිටී නම් තේරුම් ගත යුතුව ඇත.ඒ මඟින් ගොවීන් සමග ආරවුලක් හදා ගන්නවාට වඩා හිටපු ජනපති ගෝඨාභය වැපිරූ සහල් අර්බුද බීජයේ අස්වැන්න නෙලා නොගෙන බුද්ධිමත් ගොවීන්වත් සහල් නිෂ්පාදකයින්වත් පාරිභෝගිකයන්වත් අරක්ෂා වන අන්දමේ බුද්ධිමත් විසඳුමකට යාම උචිත බව ආණ්ඩුවට පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඒ නිසාම පසුව එම චක්‍රෙල්ඛනය ඉවත්කරන ලදී.ඉහත දැක්වූ පරිදි ගොවීන්ගෙන්ම මතු වූ වටිනා අදහසක් පරිපාලනය විසින් කඩාකප්පල් කළේ නුවුමනා කොන්දේසි ගොවීන්ට පනවා පොහොර සහනාධාරයට හිලව් වෙන්නට වී විකිණීමට නියම කිරීමෙනි. රජය වීගොවිතැනට සහනාධාර දිය යුත්තේ කුඹුරු ඉඩම් වල වී හැර වෙනත් බෝග නොවැවිය යුතු යැයි නීතියෙන් ම තහනමක් ගොවීන්ට පනවා ඇති නිසා ය. ගොවිතැනට ජලය සපයා දුන් පෙර රජවරුන් ගොවීන්ගෙන් ඊට සරිලන බදු ලෙස අස්වැන්නෙන් කොටසක් රජයට ලබාගත්තෝ ය.ඒ හැර වර්තමානයේ මෙන් අල්ලට කන සීනි ඇටය; රතුළූනු ගෙඩිය මිරිස් කරල ආදි සියලු පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් ගොවීන් වක්‍ර බදු එදා රජවරුන්ට ගෙව්වෙ නැත.අඳ ගොවීන් මහ ජනයා ගෙන් අය කරන සියලුම බදුගෙවමින් සිටියදී වගාව සඳහා සපයන ජලයටත් ආණ්ඩුවට අස්වැන්නෙන් කොටසක් හිලව් කළ යුතුයැයි යමෙකු සිතන්නේ නම් ඔහු හෝ ඇය අව සිහියෙන් සිටින්නවුන් විය යුතුය.නිදහස් අධ්‍යාපනයෙන් ජනතා මුදලින් අධ්‍යපනය ලබා විදේශවල පදිංචියට යන වෘත්තිකයන් ඇතුලු පුද්ගලයන් ගෙන් ඔවුන් වෙනුවෙන් වියදම් වූ ජනතා මුදල් වලින් කොටසක් හෝ අය කර ගන්නට යෝජනා නොකළ ඊනියා ප්රගතිශීලී අරගල කරුවන් රටට බත සපයීමට සිය කුඹුරේ වී වවමින් සාපේක්ෂ අඩු ආදායමක් උපයන ගොවියාට සැපයූ සහනාධාරය හිලව් වෙන්න රජයට අඩු මිලට වී ලබාදියයුතු යැයි කියන්නට නම් ප්‍රමාද වී නැත. .මේ නිසා තමන්ගේ සපෝටර්ලාගේ මෝඩ යෝජනා අනුව පොහොර සහනාධරයට හිලව්වට ආණ්ඩුවට සහතික මිලට වී විකිණිය යුතුය කියා නීතියක් දැමීමට පෙර ඉන් ආණ්ඩුව හා ගොවීන් අතර සදා ඇවිලෙන ආරවුලක් මතුවීමට ඉඩ ඇති බව සිහි බුද්ධියෙන් යුතු ආණ්ඩුවේ බලධරීන් සිටී නම් තේරුම් ගත යුතුව ඇත.ඒ මඟින් ගොවීන් සමග ආරවුලක් හදා ගන්නවාට වඩා හිටපු ජනපති ගෝඨාභය වැපිරූ සහල් අර්බුද බීජයේ අස්වැන්න නෙලා නොගෙන බුද්ධිමත් ගොවීන්වත් සහල් නිෂ්පාදකයින්වත් පාරිභෝගිකයන්වත් අරක්ෂා වන අන්දමේ බුද්ධිමත් විසඳුමකට යාම උචිත බව ආණ්ඩුවට පෙන්වා දෙනු කැමැත්තෙමි.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති