ගෝඨා සමයේ බිඳ වැටුණු වී වගාව ගොඩ ගන්න පොහොර සහනාධාර සවිමත් කෙරෙයි

මෙවර යල කන්නයේ ගොවින්ට නොමිලේ සපයන මඩ පොහොර වලින් සියයට 25 ක් මේ වනවිට බෙදා හැර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි. යල කන්නයේ වගා කටයුතු මුලින්ම අරඹන ත්‍රිකුණාමලය, මඩකලපුව අම්පාර යාපනය, කිලිනොච්චිය හා වව්නියාව යන දිස්ත්‍රික්කවල එම පොහොර බෙදා හැර අවසන් බව ද ඒ මහතා කියයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ගොවින්ට එම පොහොර ලබාගත හැකි වේ.එමෙන්ම දැනට රුපියල් දස දහසකට අලෙවි කරන යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර තිබේ.යූරියා පොහොර මෙට්‍රික් ටොන් තිස්පන් දහසක් මේ වනවිට රට තුළ ඇති අතර තවත් මෙට්‍රික් ටොන් තිස්දහසක් ඇනවුම් කර ඇතැයි ලේකම්වරයා කියයිි එමෙන්ම මහ කන්නයේ දී රුපියල් 1500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල තවත් සැළකිය යුතු මුදලකින් අඩු කරන බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රසායනික පොහොර තහනම මඟින් මුළුමනින් අඩාල වූ කෘෂි අස්වැන්න සහ ගොවි ජනයාගේ ජීවන රටාව හැකි ඉක්මනින් යථාවත් කිරීම මෙහි අරමුණ ය.

කාලීන පුවත්