ඉන්දියාවෙන් පසුගිය දා සඳ මතට ගොඩ බස්වන ලද චන්ද්‍රයාන් 3 ප්රග්යාන් රෝවරය චන්ද්‍රයාගේ දකුණු අර්ධ ගෝලයේ වැඩි වශයෙන් සල්ෆර් ඇති බව තහවුරු කර ඇති අතර මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් පවතී.සඳේ දකුණු අර්ධයේ ඝනීභවනය වූ ජලය ඇත්දැයි සිදු කෙරෙන පරීක්ෂණ අතරතුර එහි මූල ද්‍රව්‍ය පිළිබඳ මෙලෙස විශ්ලේෂණය කරන චන්ද්‍රයාන් 03 සඳ මතුපිට ඇලුමිනියම්,කැල්සියම් , යකඩ , ක්‍රෝමියම් හා ටයිටේනියන් ද තිබෙන බවට මේ වන විට තහවුරු කරගෙන තිබේ.රෝද 6ක් සහිත මෙම ප්රග්යාන් රෝවරය මගින් සූර්ය බලශක්තිය භාවිතයෙන් සඳ මත සංචරණය කරමින් පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරන අතර ඒවායේ ප්‍රතිඵල ඉන්දියානු අභ්‍යවකාශ පර්යයේෂණ සංවිධානය වෙත සපයමින් හිඳියි.ප්රග්යාන් යනු ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් සංවර්ධනය කරන ලද චන්ද්‍රයාන්-3 හි කොටසක් වන චන්ද්‍ර රෝවරයකි