චීනයට මෙක්සිකෝවට කැනඩාවට ට්‍රම්ප්ගෙන් රතු එළි නීතිවිරෝධී සංක්‍රමණිකයන් සහ මත්ද්‍රව්‍ය අමෙරිකාවට එවීමට ඉඩ දෙන බවට චෝදනා කරමින් යුරෝපීය සංගමය චීනයටත් වඩා අමෙරිකාවට ඉතා අයහපත් බව පවසන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණාත්මක තීන්දු කිහිපයක් ගෙන තිබේ.ඒ අතරින් චීන නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා සියයට 10ක තීරුබදු පැනවීමේ තීරණය විශේෂ කතා බහකට ලක්ව තිබේ. මෙම තීරණය පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සලකා බලමින් සිටින බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ වෙතත් මැතිවරණ ප්රචාරක සමයේදී ට්‍රම්ප් පොරොන්දු වී ඇත්තේ චීන භාණ්ඩ සඳහා සියයට 60ක් දක්වා ඉහළ තීරු බදු පනවන බවකි..එමෙන්ම මෙක්සිකෝව සහ කැනඩාව මත සියයට 25ක ආනයන බදු අය කරන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. එමෙන්ම යුරෝපා සංගමයට තීරු බදු පැනවීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති අතර බොහෝ ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පියවර හේතුවෙන් අමෙරිකාවේ භාණ්ඩ මිල ඉහළ යා හැකි බවය.