චීනයෙන් ඩොලර් බිලියන එකයි දශම පහක ණයක් අද වන විට මෙරටඋද්ගතව පවතින මුල්‍ය අර්බුදයේදී චීින රජයෙන් අවශ්‍ය සහයෝගය නිරතුරුව ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකා චීන තානාපතිවරයා පවසයි. ඒ අනුව ඉදිරියේදී ඩොලර් බිලියන එකයි දශම පහක ණය මුදලක් මෙරටට ලබාදීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාව චීනයෙන් එම ආධාර මුදල සදහා ඉල්ලීමක් කර තිබේ. දෙරට අතර පවතින මිතුදම හැකි සෑම අවස්ථාවකදීම වර්ධනය කර ගැනීමට චීනය සුදානම් බවත් මෙරට ඇති ආයෝජන අවස්ථා වෙනුවෙන් චීනය කැපවන බවත් චීන තානාපති වරයා පවසයි.එහෙත්,චීන ණය ආධාර මත ඉදි කළ මෙරට මහා පරිමාන ව්‍යාපෘති රැසකින් මේ දක්වා කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි පසුබිමක මෙමඟින් සිදුවනුයේ මෙරට මූල්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් චීනයේ බලාත්මක භාවය අනියම් වශයෙන් හෝ තවත් ඉහළ නැංවීම පමණකැයි ඇතැම්හු කියති.